Health
සමේ තෙතමනය රැකගන්න නිසි පමණට වතුර බොන්න
ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව කවුරුත් හොඳින් දන්නා කාරණාවකි. මන්ද පැයක් දෙකක් කෙසේ වෙතත් දිනයක් නම් අපට ජලය නොමැතිව ජීවත් විය නොහැකියි.
එබැවින් අවශ්‍යතාවය දැනෙන සෑම මොහොතකදීම පිරිසුදු ජලය පානය කරන්නටත්, එපමණකින් නොනැවතී ජලය මිශ්‍ර ආහාර පාන, පලතුරු ආදිය ලබාගැනීමටත් අපි පුරුදු වී සිටින්නෙමු.
අපගේ ශරීරය තුළ සිදු කෙරෙන සෑම ක්‍රියාවක් සඳහාම ජලය සිය දායකත්වය සපයාවි. ඒ අතරින් සමේ පැවැත්ම සඳහා ජලයේ දායකත්වය කොපමණදැයි අද අපි සොයා බලමු.
සමෙහි පැවැත්මට ජලය
සාමාන්‍යයෙන් අපේ සමෙහි තෙතමනය රඳා පවතින්නේ සිරුර තුළ පවත්නා ජලය මතයි. එමෙන්ම සමෙහි ඇදෙනසුලු ස්වභාවය එහෙමත් නැතිනම් ඊධදඥ එක රඳන්නේ ද සමෙහි ඇති ජල මට්ටම අනුවයි. ජලය අඩුවීම සමඟ සමෙහි රැලි වැටීම් (එපඪදඬතඥඵ) ඇතිවීමේ අවදානමක් පවතින අතර අපේ සමට අවශ්‍ය කරන ඛනිජලවණ වැඩි ප්‍රමාණයක් සමට ළඟා කරවන්නේ ද අප බීමට ගන්නා මෙම ජලය මඟිනි. මන්ද මෙම ඛනිජලවණ සමට නියමිත
පරිද්දෙන් නොලැබුණහොත් සම සම්බන්ධයෙන් බොහොමයක් රූපලාවණ්‍ය ගැටලු පැන නගිනු නොඅනුමානයි.
නිසි පමණට
සරලව, ඉතාමත් කෙටියෙන් පවසන්නේ නම් දිනකට නිසි ප්‍රමාණයට ජලය පානය කළහොත් එය ඔබගේ සුන්දරත්වය බොහෝ සුරකිනු නිසැකයි. එබැවින් දිනකට අපේ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය මැන බලා බීමට පුරුදු වන්න.
දිනෙක ජල අවශ්‍යතාව
සාමාන්‍යයෙන් යහපත් කාලගුණයක් පවතින සෞම්‍ය දිනයක දී විවේකීව සිටින පුද්ගලයකුගේ දිනයක ජල අවශ්‍යතාව මනින්නේ මේ ආකාරයටයි.
පුද්ගලයාගේ බර
උදාහරණයක් ලෙස බර කිලෝ ග්‍රෑම් 60 ක් වූ පුද්ගලයකුගේ දිනෙක ජල අවශ්‍යතාව අවමය ලීටර් 02 ක් පමණ වේ.
ඊට අමතරව ඔහුගේ රැකියාව හෝ ඔහු දිනය පුරා යෙදෙන කාර්යයන් අනුවත් වයස හෝ සෞඛ්‍ය තත්ත්වය,
එහෙමත් නැතිනම් රෝග තත්ත්ව ආදිය නිසාද මෙම ජල පරිමාව වෙනස් විය හැකියි. එමෙන්ම එදිනෙදා පවතින කාලගුණික තත්ත්වය වාගේම එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුවත්, ඔහු ව්‍යායාම ආදියෙහි යෙදෙන්නේ නම් එය ද මේ ජල පරිමාව වෙනස්වීමට හේතු වේ.
කාන්තාවකගේ නම් මාසික ඔසප් දිනවලදී වාගේම ගර්භණී හෝ කිරිදෙන මවක වැනි විශේෂ තත්ත්ව යටතේ ඉහත සඳහන් ලීටර් දෙකක ජල අවශ්‍යතාව වැඩිවිය හැකියි.
ඒ අනුව ලීටර් 2 1/2 - 3 1/2 ත් අතර ජල ප්‍රමාණයක් දිනක දී අවශ්‍ය වේ.
ජලය පානය කරන අවස්ථා
සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ දිනෙක ජල අවශ්‍යතාව සම්පූර්ණ වන්නට නම් එම පුද්ගලයා දිනය පුරාම ලබාගන්නා ජල ප්‍රමාණයේ එකතුවක් ගත යුතුයි.
එසේ නොමැතිව එම නියමිත ජල ප්‍රමාණය පැයක දී දෙකක දී වැනි කෙටි කාලසීමාවක් තුළ නොව දිනයේ පැය 24 පුරා ටිකෙන් ටික භාවිත කළ යුතුයි.
මන්ද එකවර වැඩි ජල ප්‍රමාණයක් භාවිත කිරීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු මතුකරන බව ඔබ අමතක නොකළ යුතුයි.
ඔබට පිපාසය අධිකව දැනීමට ප්‍රථම ජලය බීමට ගන්න. මන්ද එලෙස අධික පිපාසය දැනුණු පසුව අධිකව ජලය පානය නොකළ යුතු අතර එවැනි අවස්ථාවක ටික ටික, වරින්වර ජලය පානය කරන්න.
Cool Water එපා
බොහෝදෙනකු තද අව් රශ්මියේ ගමනක් ගොස් නිවෙසට පැමිණි විගස සීතල ජලය (Cool Water) ටිකක් පානය කරන්නට දැඩි ප්‍රියතාවයක් දක්වති.
නමුත් තද හිරුඑළියේ හෝ අධික තාපය ඇති ස්ථානයක සිටි විගස සීතල ජලය පානය කිරීම මාරාන්තික බව ඇතැම්විට ඔබ නොදන්නවා ඇති.
මෙම ජලය පානය කිරීමට අමතරව දිනය ආරම්භයේදීම සමට සුවපහසුව රැගෙන එන moisturizer u භාවිතය ඔබට බාහිර වශයෙන් කළ හැකියි.
එමෙන්ම සෑම දිනයකදීම සවස් කාලයේ හෝ ස්නානයට පෙර
ඖෂධීය තෙල් ((herbal Oil) ගැල්වීම හරහා ද ඔබට අපූරු සුසිනිඳු සමක් හිමිකර ගත හැකියි.
උපදෙස්
ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය
curtesy :
tharunie.lk